
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශීය ගනුදෙනු සඳහාත් ඉන්දියානු රුපියල භාවිත කිරීමට ඉඩදීමේ හැකියාව ශ්‍රී ලංකා රජය විසින් සළකා බලමින් සිටින බව වාර්තාවේ.
විදේශ ඇමැති අලි සබ්රි පසුගිය සෙනසුරාදා කියා සිටියේ, “ඉන්දියාවේ සංචාරකයන්ට සහ අනෙකුත් පුද්ගලයන්ට මුදල් පරිවර්තනය කිරීමේ කරදරයකින් තොරව ඉන්දියානු රුපියල් ශ්‍රී ලංකාවේ සෘජුවම භාවිත කිරීමට” හැකි වනු ඇති බවයි.
ශ්‍රී ලංකාව විසින් ආහාර, ඖෂධ, ඉදිකිරීම් ද්‍රව්‍ය, මෝටර් රථ, පොහොර සහ රසායනික ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ රාශියක් සිය විශාලතම වෙළඳ සහකරු වන ඉන්දියාවෙන් ආනයනය කරයි.
නිල සංඛ්‍යාලේඛනවලට අනුව 2021 දී රටවල් දෙක අතර වෙළඳාම ඩොලර් බිලියන 5.45 ක් විය.
දෙරට අතර පවතින වෙළඳ අසමතුලිතතාවය ඉන්දියාවට වාසිදායක බැවින්, ඉන්දීය රුපියල පිළිගැනීම ශ්‍රී ලංකාවටද වාසියක් වනු ඇතැයි ඇමැතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ඉන්දියාවට ගොස් ආපසු පැමිණ දිනකට පසු ජනමාධ්‍යවේදීන් අමතමින් විදේශ ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ, “අපට තවත් ඉන්දියානු මුදල් අවශ්‍යයි. එබැවින් වැඩිපුර ඉන්දියානුවන් මෙහි පැමිණ ඉන්දියානු මුදල් වියදම් කිරීම අපට වාසිදායකයි” යනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart