
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම තියුණු සටනකින් අනතුරුව සමත් විය.
ඒ, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ ඊයේ(14) ආරම්භවී, අද අලුයම (15) අවසන්වූ තරගයේදී පාකිස්ථාන කණ්ඩායම කඩුලු 02 කින් පරාජයට පත්කරමිනි.
වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 42කට සීමාකෙරුණු අතර, පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථානය පන්දුවාර 42 අවසානයේ ලකුණු 252ක් රැස්කරනු ලැබීය.
පන්දු යැවිමේදී මතීෂ පතිරණ කඩුලු තුනක් ලබාගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්ථානය විසින් හොඳ තරගයක් ලබාදීම නිසා තරගය අවසන් ඕවරය දක්වාම උණුසුම් ලෙස ඇදී ගියේය.
එහිදී 41වැනි පන්දුවාරයේදි සහීන් ෂා අෆ්රිඩ් ධනංජය ද සිල්වා සහ දුනිත් වෙල්ලාලගේ දවාගැනිමත් සමග පාකිස්ථානය දෙසට තරගය ඇදි ගියේය.
ඒ අනුව, තරගය ජයග්‍රහණයට ශ්‍රී ලංකාවට අවසන් පන්දුවාරය තුළ පන්දු 06කදි ලකුණු 08ක් ලබාගත යුතුව පැවැතිණි.
චරිත් අසලංක සහ ප්‍රමෝද් මධුෂාන් පන්දුවට පහරදෙමින් සිටි අතර, අවසන් පන්දුවාරය එනම් 42 පන්දුවාරයේ 04වැනි පන්දුවේදී ප්‍රමෝද් මධුෂාන් දුවද්දි දැවීගියේ අවසන් පන්දු දෙකට ලකුණු 06ක් අවශ්‍යව තිබියදීය.
පස්වැනි පන්දුවට චරිත් අසලංක 04 පහරක් එල්ල කළේ තගරය ජයග්‍රහණයට අවසන් පන්දුවට ලකුණු 02ක් ඉතිරි කරමිනි.
චරිත් අසලංක අවසන් පන්දුවටට හතරේ පහරක් එල්ලකර පාකිස්ථානය කඩුලු 02 කින් පරාජය කරමින් ශ්‍රී ලංකාව ආසියානු කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහා තරගයකට රැගෙන ගියේ, කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ ප්‍රෙක්ෂකයන්ගේ දිනයේ විරයා බවට පත්වෙමිනි.
ඒ අනුව, ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරගය ජයගත් ශ්‍රී ලංකාව පන්දුවාර 42 ක් අවසානයේ කඩුලු 08 ක් දැවි ලකුණු 252 ලබා ගත්තේය.
චරිත් අසලංක නොදැවී ලකුණු 49යි.
සධීර සමරවික්‍රම සහ කුසල් මෙන්ඩිස් තුන්වැනි කඩුල්ලට ලකුණු 100ක පිතිකරණ සබදතාවක් පවත්වා තිබූ අවස්ථාවේ අර්ධ ශතකයට ලකුණු 2ක් පිටුපසින් සිටි සධීර ඉදිරියට පැන පහරක් එල්ල කිරිමට ගොස් දැවීගියේය.
අනර්ඝ ඉනිමක් ක්‍රිඩා කළ කුසල් මෙන්ඩිස් දැවීගියේ ලකුණු 91කට වන අතර, ඔහු මෙම තරගාවලිය තුළ ලකුණු 90 සීමාවේදී දැවීගිය දෙවැනි අවස්ථාව ලෙස එය සටහන් විය.
ඒ අනුව, ආසියානු කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාව ලබන 17වැනිදා ඉන්දියාව සමග තරග වදිනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart