
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පුහුණු තරගයෙන් කඩුලු 07ක ජයක් හිමි කරගැනීමට එංගලන්ත ලයන්ස් කණ්ඩායම අද සමත්විය.
තරගය ජයග්‍රාහණය සඳහා ඔවුන්ට හිමිව තිබුණේ ලකුණු 122ක ඉලක්කයකි.
එම ඉලක්කය කඩුලු 03ක් පමණක් දැවී පසුකර යෑමට එංගලන්ත ලයන්ස් කණ්ඩායම අද සමත්විය.
තරගයේ පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලබාගත් ලකුණු 139ට පිළිතුරු ලෙස එංගලන්ත ලයන්ස් කණ්ඩායම පළමු ඉනිම සඳහා ලබාගත් ලකුණු සංඛ්‍යාව 324කි.
දෙවැනි ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 306ක් ලබා ගැනීමට සමත් විය.
ඒ අනුව එංගලන්ත ලයන්ස් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමිවූ ලකුණු 122ක ඉලක්කය එම කණ්ඩායම පහසුවෙන් ලබා ගැනීමට සමත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart