
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජනපද බයිඩ්න් පරිපාලනය ශ්‍රී ලංකාව සමඟ ඇති හවුල්කාරිත්වය බෙහෙවින් අගය කරන බව අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලක සමැන්තා පවර් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පවසා තිබේ.
මාලදිවයිනේ නව ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසුගේ පදවි ප්‍රාප්තිය සඳහා මාලදිවයිනේ සිටියදී තමන් ජනාධිපතිවරයා සමඟ යහපත් සාකච්ඡාවක නිරත වූ බව X හි සටහනක් තබමින් පවර් පවසා ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය පිළිබඳව තමන් අසා ඇති බවත් දේශපාලන ප්‍රතිසංස්කරණවල වැදගත්කම පිළිබඳව අවධාරණය කළ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
එක්සත් ජනපද අන්තර්ජාතික සංවර්ධන නියෝජිතායතනය විසින් ශ්‍රී ලංකාවේ වරාය යටිතල පහසුකම් සඳහා මෑතදී ඩොලර් මිලියන 550කට වැඩි ආයෝජනය කිරීම මගින් පෙන්නුම් කරන්නේ, බයිඩ්න් පරිපාලනය ශ්‍රී ලංකාව සමඟ ඇති හවුල්කාරිත්වය බෙහෙවින් අගය කරන බව යැයිද ඇය පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart