
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහා පරිමාණ අන්තර්ජාතික පිරමීඩ ජාවාරමක කේන්ද්‍රස්ථානය ශ්‍රී ලංකාව බවට පත් කර ගත් චීන ජාතිකයන් පිරිසක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව පොලිසිය අධිකරණයට ඊයේ (7 වැනිදා) දැනුම් දුන්නේය.
චීන ජාතිකයන් 30දෙනකුට ආසන්න කණ්ඩායමක් මෙරටට පැමිණ මෙම අන්තර්ජාතික පිරමීඩ ජාවාරම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල්වල ජනතාව ඉලක්ක කරගනිමින් බවට කරුණු අනාවරණය වී ඇතැයිද පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය.
මෙම පිරමීඩ ජාවාරමේ මහ මොළකරු ලෙස කටයුතු කළ බව කියන චීන ජාතික සැකකරු කැසිනෝ ක්‍රීඩා කිරීමට දිනකට රුපියල් කෝටි 2 කට අධික මුදලක් වියදම් කර තිබෙන බව දන්වා සිටි පොලිසිය එම සැකකරු බම්බලපිටිය, වැල්ලවත්ත ඇතුළු කොළඹ හා තදාසන්න ප්‍රදේශවලින් සුඛෝපභෝගී නිවාස 8 ක් මිලදී ගෙන තිබෙන බවත් අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම අන්තර්ජාතික පිරමීඩ ජාවාරමට සම්බන්ධ චීන ජාතිකයකුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අදාළ ජාවාරමට යොදාගත් බව කියන ජංගම දුරකථන 30 ක් සහ ලැප්ටොප් පරිගණක 7 ක් සොයාගත් බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
මෙම පිරමීඩ ජාවාරමට විදෙස් රටවල වෙසෙන විශාල පිරිසක්ද හසුවී ඇතැයි දන්වා සිටි පොලිසිය අදාළ ජාවාරමට සම්බන්ධ බවට දැනට හඳුනාගෙන ඇති චීන ජාතිකයන් සිව් දෙනකුගේ සහ ගාල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අදාළ සැකකරුවන් පස්දෙනාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස නියම කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඒ පිළිබඳව ආගමන විගමන පාලකවරයා වහාම දැනුවත් කරන ලෙස නියෝග කළාය.
කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් කුමාර විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
(අරුණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart