
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදය ඇතුළු තවත් රටවල් කිහිපයක්ම ශ්‍රී ලංකාව සඳහා සංචාරක උපදෙස් අඛණ්ඩව පවත්වාගෙන යෑමට කටයුතු කරන අතර, සංචාරකයන්ට ප්‍රවේශම් වන ලෙස දන්වා ඇත.
ශ්‍රී ලංකාවේ ඉන්ධන සහ ඖෂධ හිඟය, ජනතාවගේ නොසන්සුන්තාව සහ ත්‍රස්තවාදය හේතුවෙන් ඒ පිළිබඳ සංචාරකයන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව පසුගිය ඔක්තෝම්බර් මාසයේදී නිකුත් කරන ලද එක්සත් ජනපද සංචාරක උපදේශනයේ සඳහන්ව ඇති අතර, එම උපදේශනය යළි යාවත්කාලීන කිරීමට එරට පියවර ගෙන තිබේ.
“ආර්ථික තත්ත්වය පිළිබඳ විරෝධතා ඕනෑම වේලාවක පුපුරා යා හැකිය. ඇතැම් අවස්ථාවල විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. පවතින තත්ත්වය පිළිබඳ යාවත්කාලීන කිරීම් සඳහා සංචාරකයන් දේශීය මාධ්‍ය නිරීක්ෂණය කළ යුතුය” යැයි, එම සංචාරක උපදේශනයේ සඳහන්ව ඇත.
සංචාරක ස්ථාන, ප්‍රවාහන මධ්‍යස්ථාන, වෙළඳපළ, සාප්පු සංකීර්ණ, රජයේ පහසුකම්, හෝටල්, සමාජ ශාලා, ආපන ශාලා, ආගමික ස්ථාන, උද්‍යාන වැනි ඇතැම් ස්ථාන ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදී ප්‍රහාර සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව සිදුවී ඇති බව ද ඇමෙරිකානු සංචාරක උපදේශනය සඳහන් කරයි.
සිවිල් නොසන්සුන්තා තර්ජනය, ඉන්ධන සහ අනෙකුත් සැපයුම් හිඟය සහ ත්‍රස්තවාදී අවදානම හේතුවෙන් සංචාරකයන් ශ්‍රී ලංකාවේ දැඩි අවධානයෙන් සිටිය යුතු බව ඕස්ට්‍රේලියාව විසින් පසුගිය නොවැම්බරයේ නිකුත් කළ සංචාරක උපදේශනයේ සඳහන් වේ.
ශ්‍රී ලංකාව පුරා මහජන පෙළපාලි ඇතිවිය හැකි බවත්, විශාල පෙළපාලි අතරතුර ප්රචණ්ඩ සිදුවීම් කිහිපයක් සිදුව ඇති බවත්, අවසාන උපදේශනයේ සඳහන්ව ඇත.
“ශ්‍රී ලංකාව තුළ ඉතා සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස අපි ඔබට උපදෙස් දෙනවා,” යැයි ඕස්ට්‍රේලියාව විසින් නිකුත් කරන ලද සංචාරක උපදේශනයේ වැඩිදුරටත් දක්වා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart