
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උතුර සහ නැගෙනහිර ද ඇතුළු දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල ආයෝජන සහ නිෂ්පාදන ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා චීනයේ චොංකිං පළාත සමඟ “සහෝදර දිස්ත්‍රික්” ගිවිසුමක් අත්සන් කරන බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල් පවසයි.
ස්වෛරී ණය පැහැර හරින ලද ශ්‍රී ලංකාව රට පුරා ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරමින් සිටියි.
මිලියන 33ක පමණ ජනගහනයක් සිටින චීනයේ චොංකිං පළාත සමඟ “සහෝදර දිස්ත්‍රික්” සංකල්පය සඳහා ශ්‍රී ලංකාව සාකච්ඡා කර ඇත්තේ ඒ අනුවය.
අගමැති දිනේෂ් ගුණවර්ධන පසුගිය වසරේ සිය චීන සංචාරයේදී චොංකිං පළාතේ දිස්ත්‍රික්කයක් මෙරට කළුතර දිස්ත්‍රික්කය සමඟ “ආදර්ශ ව්‍යාපෘතියක්” ලෙස සම්බන්ධ කිරීමට දැනටමත් ගිවිසුමකට එළඹ ඇති බව රාජ්‍ය ඇමැති පැස්කුවල් පැවසීය.
“චොංකිං පළාතේ දිස්ත්‍රික්ක 40ක් තියෙනවා. අත්හදා බැලීමක් ලෙස අපි එක් එහි දිස්ත්‍රික්කයක් සහ කළුතර දිස්ත්‍රික්කයක් සමඟ ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන විට, ශ්‍රී ලංකාවේ අනෙකුත් දිස්ත්‍රික්ක 24 ද චොංකිං හි අනෙකුත් දිස්ත්‍රික්ක සමඟ ගිවිසුම්වලට එළඹෙමින් සහෝදර දිස්ත්‍රික්ක බවට පත්වීමට නියමිතයි. ” රාජ්‍ය ඇමැති පැස්කුවල් කොළඹ දී ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
“අපි එකින් එක කරන්නේ. සියල්ල එකවර කිරීම ප්‍රායෝගික නැහැ. අපි කළුතර ආදර්ශ දිස්ත්‍රික්කයක් ලෙස තෝරාගෙන තිබෙනවා.” යැයි ඔහු පැවසීය.
අතීතයේ දී චීනයේ පළාත් සමඟ සම්බන්ධ වීමට ශ්‍රී ලංකාව ගත් උත්සාහය සැළකිව යුතු අන්දමින් සාර්ථක නොවූ බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
අගමැතිගුණවර්ධන නිල සංචාරයක් සඳහා මේ මස අගදී චීනයට යන විට සහෝදර දිස්ත්‍රික් සංකල්පය පිළිබඳව සාකච්ඡා කරන බව රාජ්‍ය ඇමැති පැස්කුවල් පැවසීය.
“නිෂ්පාදන ධාරිතාව ශක්තිමත් කිරීම සහ වැඩි ආයෝජන ආකර්ෂණය කර ගැනීම අපේ අරමුණයි. අපි චීනයෙන් ආයෝජන සහ වෘත්තීය පුහුණුව බලාපොරොත්තු වෙනවා.” යැයි ඔහු පැවසීය.
රජයේ නිලධාරීන්ට අනුව, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය සහ කුඩා හා මධ්‍යම කර්මාන්ත ඇතුළු ක්ෂේත්‍ර රැසක ව්‍යාපෘති බිම් මට්ටමින් ආරම්භ කිරීමට චීනය උනන්දු වී ඇත.
“අපි චීනයේ චොංකිං කලාපය සමඟ විශේෂ ව්‍යාපෘති කිහිපයක් කරනවා. එක් තීරයක් එක් මාවතක් යටතේ පසුගිය වසරේ අගමැතිවරයා ගම්මාන පුනර්ජීවනය සඳහා සාකච්ඡා කළා,අපේ අමාත්‍යංශය සහ චොංකිං පළාත අතර ගිවිසුම් තුනක් තිබුණා. අපි වෘත්තීය පුහුණු ආයතන 33ක් සමඟ ගිවිසුම් ඇති කර ගත්තා. ඒ වගේම අපි ත්‍රී ගෝර්ජස් ආයතනය සමඟ ගිවිසුමක් අත්සන් කළා. ශ්‍රී ලාංකිකයන් 100,000කට වෘත්තීය පුහුණුව ලබා දීම සඳහා අපි දැනටමත් ගිවිසුම් අත්සන් කර තිබෙනවා. අපි ත්‍රී ගෝර්ජස් සමඟ අත්සන් කළ ගිවිසුමට අනුව ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ නව ශාඛාවක් පිහිටුවා ලක්ෂයකට වෘත්තීය පුහුණුව ලබාදීමට කටයුතු කරනවා.” යනුවෙන් ද රාජ්‍ය ඇමැති පැස්කුවල් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart