
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදයක් වන ‘Eris’ එක්සත් රාජධානිය පුරා වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ වෛරසයේ නව වර්ධනයන් පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බව මෙරට සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර ඇත.
විදේශ රටක පැතිර යන ඕනෑම නව රෝගයක් ශ්‍රී ලංකාවට තර්ජනයක් විය හැකි බැවින්, සෞඛ්‍ය අමාත්‍යාංශය සැමවිටම ක්‍රියාත්මකව සිටින බව කොවිඩ්-19 සම්බන්ධීකාරක, වෛද්‍ය අන්වර් හම්දානි සඳහන් කර ඇත.
එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය (UKHSA) පවසන පරිදි, කොවිඩ්-19 වෛරසයේ මෙම නව ප්‍රභේදය රට පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඔමික්රෝන් (Omicron) ප්‍රභේදයෙන් පැවත එන එරිස් (Eris) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන EG.5.1 නම් මෙම උප ප්‍රභේදය පසුගිය මාසයේ එක්සත් රාජධානියේ ප්‍රථම වරට වාර්තාවූ බව PTI පුවත් ඒජන්සිය වාර්තා කරයි.
සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සියෙහි නවතම වාර්තාවට අනුව අගෝස්තු 03 වන දින සිට නැවත බ්‍රිතාන්‍යයේ කොවිඩ්-19 රෝගීන් අඛණ්ඩව ඉහළ යමින් පවතී.
සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සියේ “Respiratory DataMart” පද්ධතිය හරහා වාර්තා කර ඇති ශ්වසන නිදර්ශක 4,396 න් 5.4% ක්ම මේ වන විට කොවිඩ් -19 ලෙස හඳුනාගෙන ඇත.
ඔමික්‍රොන් ප්‍රභේදයක් වන Eris හි වඩාත් සුලභ රෝග ලක්ෂණ පහ වන්නේ නාසයෙන් දියර ගැලීම, හිසරදය, තෙහෙට්ටුව, කිවිසුම් යෑම සහ උගුරේ අමාරුවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart