
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් නිර්දේශිත මට්ටමට වඩා අඩු අගයක සිගරට් බදු පවත්වාගෙන යාම හේතුවෙන්, 2025 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා රජයට හිමිවිය යුතුව තිබූ රුපියල් බිලියන 25කට අධික අතිවිශාල බදු ආදායමක් අහිමි වී ඇති බව Verité Research ආයතනය පෙන්වා දෙයි.
එම ප්ආයතනය හෙළිදරව් කරන්නේ 2026 වසරේ මුල් මාස හය තුළ පමණක් මෙලෙස අහිමි වී ඇති බදු ආදායම රුපියල් බිලියන 8 ඉක්මවන බවයි.
සිගරට් බදුකරණය හේතුවෙන් සිදුවන මූල්‍ය අලාභයන් නිරීක්ෂණය කිරීම සඳහා Verité Research විසින් හඳුන්වා දුන් ‘Cigarette Tax Leakage Tracker’ (සිගරට් බදු කාන්දුවීම් නිරීක්ෂකය) නමැති සජීවී ඔන්ලයින් පද්ධතිය එළිදක්වමින් මෙම තොරතුරු හෙළි කර ඇත.
මෙම පද්ධතිය මඟින් අහිමි වන ආදායම මිනිත්තුවෙන් මිනිත්තුව ගණනය කර පෙන්වන අතර, එය PublicFinance.LK වෙබ් අඩවිය ඔස්සේ මහජනතාවට පරිශීලනය කළ හැක.
දුම්කොළ භාවිතය කාර්යක්ෂමව පාලනය කිරීම සහ රජයේ ආදායම උපරිම කර ගැනීම සඳහා සිගරට් එකක සිල්ලර මිලෙන් අවම වශයෙන් 75%ක් බදු ලෙස අය කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි.
ශ්‍රී ලංකාව අවසන් වරට මෙම නිර්දේශිත මට්ටමට ආසන්න වූයේ 2018 වසරේදී වන අතර, එවකට සිල්ලර මිලෙන් බදු අනුපාතය 74%ක් විය.
කෙසේ වෙතත්, පසුගිය වසර කිහිපය තුළ මෙම ප්‍රතිශතය ක්‍රමයෙන් පහත වැටී ඇති අතර 2025 වසරේ සිට එය 67%ක මට්ටමක පවතී.
මෙලෙස බදු ප්‍රතිශතය අඩුවීම මෙම විශාල ආදායම් අලාභයට ප්‍රධාන හේතුව වී තිබේ.
තීරණ ගන්නන් සහ මහජනතාව සඳහා සිගරට් බදු ප්රතිපත්තිවල මූල්‍ය බලපෑම පිළිබඳව විනිවිදභාවයකින් යුතුව සජීවී තොරතුරු ලබාදීම මෙම නිරීක්ෂක පද්ධතියේ ප්‍රධාන අරමුණ බව Verité Research වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart