
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ නිෂ්පාදන ක්ෂේත්‍රවල දැඩි පහත වැටීමක් සමඟ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසරේ අදාළ කාර්තුවට සාපේක්ෂව 2023 දෙවන කාර්තුවේදී සියයට 3.1කින් හැකිළී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
සංඛ්‍යාලේඛනවලට අනුව එම කාල සීමාවේදී කෘෂිකාර්මික අංශය සියයට 3.6 කින් ප්‍රසාරණය වී ඇති අතර කර්මාන්ත සියයට 11.5 කින් හැකිළී ගොස් ඇති අතර සේවා ද සියයට 0.8 කින් පහත වැටී ඇත.
කෘෂිකර්මාන්තයේ සහල් සියයට 19.8 කින් ද, එළවළු සියයට 6.9 කින් ද, රබර් සියයට 5.8 කින් ද, සමුද්‍ර ධීවර හා ජලජීවී වගාව සියයට 1.3 කින් ද වර්ධනය වී ඇත.
කර්මාන්ත අංශයේදී, ඉදිකිරීම් සියයට 23.1 කින් හැකිළී ඇති අතර, පතල් හා කැණීම් සියයට 24.3 කින් හැකිළී ඇත.
එසේම නිෂ්පාදනය සියයට 5.1 කින් හැකිළී ගොස් තිබේ.
ඊට අමතරව මූල්‍ය සේවා සියයට 18.8 කින් ද, තොරතුරු තාක්ෂණ සහ උපදේශන අංශය සියයට 8.5 කින් ද, ටෙලිකොම් අංශය සියයට 4.4 කින් ද, දේපළ වෙළඳාම් සහ වාසස්ථාන සියයට 2.5 කින් ද පහත වැටී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart