
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චන්ද්‍රිකා නිරීක්ෂණ මගින් ශ්‍රී ලංකා මුහුදු තීරයේ තෙල් කාන්දුවීම් අනාවරණය කර ගැනීමට ප්‍රංශ රජය සමග ආරම්භ කළ මෙහෙයුමින් පසුව, ශ්‍රී ලංකාව එවැනි පළමු සිදුවීම හඳුනාගෙන, එම තෙල් කාන්දුවට වගකිවයුතු සමාගමට රුපියල් මිලියන 15ක දඩයක් පැනවූ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) පවසයි.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අනාවරණය කර ආකාරයට, පෙබරවාරි 5 වැනිදා CLS නම් අදාළ ප්‍රංශ සමාගම විසින් අනාවරණක් සිදුකර ඇත.
එම අනාවරණයට අනුව, මැලේසියාවේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය දක්වා යාත්‍රා කරන මීටර් 120ක දිගින් යුත් Global Crest නම් නෞකාවක් නීතිවිරෝධී ලෙස ඉන්ධන මුදාහැර සාගරය දූෂණය කර තිබේ.
එම තොරතුරුවලට අනුව නෞකාවට එරෙහිව වහා ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, අභ්‍යන්තර පරීක්‍ෂණයක් සිදුකර, එමඟින් නීතිවිරෝධී ලෙස ඉන්ධන මුදාහැරීම පිළිබඳ පැහැදිලි සාක්ෂි අනාවරණය කරගෙන තිබේ.
එහිදී නෞකාවේ හිමිකරු වරද පිළිගෙන ඇති අතර ජාතික රෙගුලාසිවලට අනුව උපරිම දඩ මුදල වන රුපියල් මිලියන 15ක් පනවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart