
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතා සඳහා එළඹුණු පමණින් රජයක් ඔවුන් පවසන සියලු දේ පිළිගත යුතු නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ තමා මුදල් අමාත්‍යවරයාව සිටි 2015 වසරේදී එම අරමුදල පවසන සියලු දේ පිළිගන්නවා වෙනුවෙට සිදු කළේ රජය වෙනුවෙන් නිවැරදි යෝජනා ඉදිරිපත් කිරීම බවයි.
මෙරටට ගැලපෙන පරිදි නිවැරදි නිවැරදි තීන්දු තීරණ ගැනීමට විදේශිකයින් අවශ්‍ය නොමැති බවත් රට තුළ ද දක්ෂ නිලධාරීන් සිටින බවත්, වර්තමානයේදී ද මුදල් අමාත්‍යංශය තුළ එවැනි නිලධාරීන් සිටින බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ එවැනි නිලධාරීන් සඳහා අවස්ථාව හිමි නොවන බවයි.
එමෙන්ම රජය ලෙස සිදු කළ යුත්තේ දේශපාලන නායකත්වය ලබා දීම බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීම බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු ප්‍රකාශ කළේ වත්මන් රජය විපක්ෂයේ සිටියදී සිදු කළ පරිදි වත්මන් විපක්ෂය විදේශීය ආයෝජකයින් මෙරටට පැමිණෙන විට බෝඩ් ඔසවා විරෝධතා එල්ල නොකරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart