
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෙර පැවති යාන්ත්‍රික උපකරණවල දුර්වලතා මඟහරවා ගනිමින් වඩාත් සුදුසු ලෙස තේ දලු තෝරා ගන්නා තේ නෙළීමේ යන්ත්‍රයක් මෙරට නිපදවා ඇති බව කෘෂි විද්‍යා තේ පර්යේෂණ ආයතනයේ ප්‍රධානී එම්.ඒ. විජේරත්න පවසයි.
හොඳම තේ දලු ලබා ගැනීම සඳහා සුදුසුම ක්‍රමය අත් නෙළීම ලෙස සැළකුවද, ශ්‍රම හිඟයක් ඇති කරමින් කම්කරුවන් එම අංශයෙන් ඉවත් වන බැවින්, තේ පර්යේෂණායතනය දශක කිහිපයක් තිස්සේ දලු නෙළන යන්ත්‍ර සැකැසීමේ කටයුතුවල නිරතව සිටී.
කුඩා තේ වතු හිමියන් අතර දලු නෙළීමේ උපකරණ ප්‍රචලිත කිරීමේ නියමු ව්‍යාපෘතියක් 2014 වසරේ ක්‍රියාත්මක වූ අතර, ඉන් අනතුරුව විවිධ වර්ගයේ තේ දලු නෙලන යන්ත්‍ර වෙළඳපොළට පැමිණියද, එම යන්ත්‍ර මෙරට තත්ත්වයට සුදුසු නැති බව පැවැසේ.
යන්ත්‍ර නිපදවීම සඳහා සමාගම් දෙකක් සමඟ සම්බන්ධීකරණය කර යන්ත්‍ර දෙකක් නිර්මාණය කර ඇති බවත්, එම යන්ත්‍රවලින් එකක මූලාකෘතියක් හොඳ තත්ත්වයේ තිබෙන බවත්, කෘෂි විද්‍යා තේ පර්යේෂණ ආයතනයේ ප්‍රධානී සඳහන් කරයි.
මේ වනවිට එම යන්ත්‍රය සඳහා පේටන්ට් බලපත්‍රය ඉල්ලුම් කර තිබේ.
වර්තමාන දත්ත වලට අනුව, මෙරට වතුකරයේ කම්කරුවන් සංඛ්‍යාව 2001 දී 255,000 සිට 2021 වන විට දී 115,000 දක්වා පහත වැටී තිබේ.
කුඩා වතු අංශයේ රැකියා නියුක්තිකයන්ගේ සංඛ්‍යාව 455,000ක් ලෙස ගණන් බලා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart