
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
Visual Capitalist ආයතනය විසින් නිකුත් කරන ලද ලෝක අවම වේතන සංසන්දනාත්මක වාර්තාවට අනුව, සමීක්ෂණයට ලක් කළ රටවල් 130 අතුරින් ශ්‍රී ලංකාව 120 වැනි ස්ථානයට පත්ව තිබේ.
අන්තර්ජාතික කම්කරු සංවිධානයේ 2024 දත්ත පදනම් කරගනිමින් සකස් කරන ලද මෙම ශ්‍රේණිගත කිරීම මගින්, එක් එක් රටවල ජීවන වියදම සහ සේවකයන්ට තමන් උපයන මුදලින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට ඇති හැකියාව සංසන්දනය කර ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ මිලදී ගැනීමේ හැකියාවට අනුව සකස් කළ මාසික අවම වේතනය ඇමරිකානු ඩොලර් 200ක් ලෙස දක්වා ඇත.
මිලදී ගැනීමේ හැකියාව අනුව මාසිකව ඩොලර් 3,804ක අවම වේතනයක් හිමි ස්විට්සර්ලන්තය ලොව ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත.
ඩොලර් 2,928ක් ලබාගන්නා ජර්මනිය දෙවැනි ස්ථානයටත්, ඩොලර් 2,902ක් සමඟ එක්සත් රාජධානිය තෙවැනි ස්ථානයටත්, ඩොලර් 2,876ක් සමඟ නෙදර්ලන්තය සිව්වැනි ස්ථානයටත් පත්ව තිබේ.
ඕස්ට්‍රේලියාව (ඩොලර් 2,819), බෙල්ජියම (ඩොලර් 2,752), අයිස්ලන්තය (ඩොලර් 2,730), නවසීලන්තය (ඩොලර් 2,673), ප්‍රංශය (ඩොලර් 2,465) සහ අයර්ලන්තය (ඩොලර් 2,433) පිළිවෙලින් පළමු රටවල් 10 අතරට ඇතුළත් වේ.
ආසියාවේ ඉහළම අවම වේතනය හිමි දකුණු කොරියාව (ඩොලර් 2,362) ලෝක මට්ටමින් 11 වැනිස්ථානයටත්, ජපානය (ඩොලර් 1,839) 16 වැනි ස්ථානයටත් පත්ව ඇත.
එක්සත් ජනපදය ඩොලර් 1,257ක මාසික අවම වේතනයක් සමඟින් 25 වැනි ස්ථානයේ පසුවේ.
දකුණු ආසියාතික රටවල් අතුරින් පකිස්ථානය 68 වැනි ස්ථානයේ ද (ඩොලර් 570), නේපාලය 78 වැනි ස්ථානයේ ද (ඩොලර් 490), බංග්ලාදේශය 89 වැනි ස්ථානයේ (ඩොලර් 379) සහ ඉන්දියාව 111 වන ස්ථානයේ ද (ඩොලර් 233) පසුවේ.
ශ්‍රී ලංකාව හිමිකරගෙන ඇති ඩොලර් 200 අගය මෙම සියලුම අසල්වැසි රටවලට වඩා පහළ අගයකි.
මෙම දර්ශකයේ ශ්‍රී ලංකාවට පහළින් සිටින්නේ රටවල් 10ක් පමණි.
නයිජර්, භූතානය, හයිටිය, ගිනියාව, මධ්‍යම අප්‍රිකානු ජනරජය, සියරා ලියොන්, ඝානාව, කිර්ගිස්ථානය, ගිනි-බිසව් සහ ගැම්බියාව ඒ අතර වේ.
මෙම සංඛ්‍යාලේඛනවලින් සෘජු ඇමරිකානු ඩොලර් ආදායම නිරූපණය නොවන අතර, පවත්නා දේශීය මිලදී ගැනීමේ හැකියාව මත පදනම්ව අගයන් පරිවර්තනය කර ඇති බවත්, බදු හෝ වෙනත් අමතර දීමනා මීට ඇතුළත් නොවන බවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart