
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාත්‍යන්තරව අනුමත කරන ලද ඩෙංගු මර්දන එන්නතක් මඟින් මෙරට ඩෙංගු රෝග ව්‍යාප්තිය සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකි බව මීගමුව ඩෙංගු සහ ඩෙංගු රක්තපාත උණ සායනික කළමනාකරණ මධ්‍යස්ථානයේ නිර්මාතෘ සහ සායනික ප්‍රධානී, විශේෂඥ ළමා රෝග වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු පවසයි. මෙම එන්නත දෙවන කාණ්ඩයේ ඩෙංගු වෛරසයට (DENV-2) එරෙහිව සියයට 90 කට වඩා වැඩි සාර්ථකත්වයක් පෙන්වන බව ද ඔහු සඳහන් කළේය.
ඩේලි මිරර් පුවත්පත වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ තමන් ද මෙම එන්නත නිපදවීමේ පර්යේෂණ කටයුතුවලට සම්බන්ධ වූවෙකු බැවින් ඒ පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටින බවයි.
දැනට රටවල් 41 ක පමණ භාවිත කෙරෙන, ජාත්‍යන්තරව අනුමත මෙම ඩෙංගු එන්නත ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට රජයේ අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කිරීමෙන් අනතුරුව වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මේ බව කියා සිටියේය.
මීට අමතරව විද්‍යාත්මකව ඔප්පු කර ඇති වොල්බැකියා මදුරු මර්දන ක්‍රමය ද මෙරටට හඳුන්වා දීමට රජය සලකා බලමින් සිටී.
“එන්නතකින් විතරක්ම ඩෙංගු රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කරන්න බැහැ. එන්නත කියන්නේ නිරාකරණයට තියෙන එකම විසඳුම නෙවෙයි. හැබැයි ඩෙංගු රෝගය නිසා ඇති වෙන බලපෑම සහ බාධාවන් විශාල වශයෙන් අඩු කරගන්න පුළුවන් සාර්ථක ක්‍රමයක්,” යැයි වෛද්‍ය ප්‍රනාන්දු පැවසීය.
TAK-003 (Qdenga) ලෙස හැඳින්වෙන මෙම එන්නත, දෙවන කාණ්ඩයේ ඩෙංගු වෛරසයට (DENV-2) එරෙහිව සියයට 90 කට වඩා වැඩි සඵලතාවක් පෙන්නුම් කර ඇති බවත්, වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ පවතින ඩෙංගු ව්‍යාප්තියෙන් සියයට 80 කටම වගකිව යුත්තේ මෙම දෙවන කාණ්ඩයේ වෛරසය බවට විශ්වාස කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.
“ශ්‍රී ලංකාවෙන් ඩෙංගු වෛරස් කාණ්ඩ හතරම වාර්තා වෙලා තියෙනවා. ඒ අතරින් දැනට බහුලවම දකින්න ලැබෙන්නේ දෙවැනි කාණ්ඩයයි. මෙම එන්නත එම කාණ්ඩයට එරෙහිව ඉහළ සඵලතාවක් දක්වන අතරම, අනෙකුත් ඩෙංගු වෛරස් කාණ්ඩවලට එරෙහිවත් ආරක්ෂාව සපයනවා. ඒ නිසා මේ මඟින් ඩෙංගු වසංගත තත්ත්වයන්ගේ දැඩි බව අඩු කරන්නත්, රෝගීන් වාර්තා වීම සීමා කරන්නත්, රෝහල් පද්ධතියට එල්ල වන දැඩි පීඩනය ලිහිල් කරන්නත් ලොකු පිටුවහලක් ලැබෙනවා,” යැයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart