
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇෆ්ගනිස්තානය සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 132කින් ජයගැනීමට අද(04) ශ්‍රී ලංකාව සමත්විය.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවි ලකුණු 323ක් ලබාගත්තේය.
එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 78ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 52ක් රැස්කළහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඇෆ්ගනිස්තානයට පන්දුවාර 42යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනිමට හැකිවුයේ ලකුණු 191ක් පමණි.
වනිදු හසරංග සහ ධනංජය ද සිල්වා කඩුලු 03 බැගින් දවාගත්හ.
ඒ අනුව තරග තුනකින් යුත් එක්දින තරගාවලිය කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගෙන පසුවන්නේ සම තත්ත්වයෙහිය.
දෙරට අතර තුන්වන සහ අවසන් එක්දින තරගය ලබන 07වැනිදා හම්බන්තොට දි පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart