
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු අප්රිකානු ‘A’ කණ්ඩායම සමග පැවති සිව්දින ටෙස්ට් තරගය කඩුලු 06කින් ජයගැනීමට ශ්රී ලංකා ‘A’ ක්රිකට් කණ්ඩායම සමත්විය.
කිම්බර්ලි හි පැවති එම තරගයේ පළමු ඉනිම ක්රීඩා කළ දකුණු අප්රිකානු ‘A’ කණ්ඩායම ලකුණු 372ක් රැස්කළ අතර මැතිව් බ්රීට්ස්කේ දැවී ගියේ ලකුණු 129ක් ලබා සිටියදීය.
ශ්රී ලංකා ‘A’ කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 323ක් රැස්කරන ලදී.
ඔෂධ ප්රනාන්දු ලකුණු 122ක් සහ නායක පසිඳු සුරියබණ්ඩාර ලකුණු 61ක් රැස්කිරීමට සමත් වූහ.
දකුණු අප්රිකානු ‘A’ කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 124කට සීමා කිරීමට ශ්රී ලංකා ‘A’ පන්දු යවන්නන් සමත්වූ අතර එහිදි ඉෂිත විජේසුන්දර කඩුලු 07ක් බිද හෙළීය.
අනතුරුව ලකුණු 174ක ජයග්රාහී ඉලක්කය කඩුලු 04ක් පමණක් දැවි සපුරාලීමට ශ්රී ලංකා ‘A’ කණ්ඩායම සමත්විය.
ඔෂධ ප්රනාන්දු දැවී ගියේ ලකුණු 80ක් ලබා සිටියදීය.
ඒ අනුව, කලක් ශ්රී ලංකා ආරම්භක පිතිකරු වූ ඔහු යළිත් ශ්රී ලංකා ජාතික ටෙස්ට් කණ්ඩායමට පණිවිඩයක් ලබා දුන්නේ යළි අවස්ථාවක් සඳහා ඉඩ හසර වෙන් කරගනිමිනි.
මෙම තරගයේදි එෂාන් මලිංග කඩුලු 06ක් බිද හෙළීමට සමත් වූයේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart