
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් කථානායකවරයාට භාර දෙනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව නීතිමය ගැටලුවක් හේතුවෙන් විවාදයට ගැනීමට නොහැකි පසුබිමක් නිර්මාණය වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ලංකාදීප’ය සඳහන් කරයි.
එසේ හෙයින් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමේ නෛතික හැකියාව සම්බන්ධයෙන් නිල වශයෙන් තොරතුරු විමසා බැලීමට නීතිපතිවරයාට යොමුකර ඇති බව රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
අරුණ ජයසේකර නියෝජ්‍ය අමාත්‍යවරයාට ගැසට් නිවේදනයකින් විෂය පැවරීමක් කර නැති හෙයින් යම් වගකීමක් නිල වශයෙන් නොපැවරී ඇති අවස්ථාවක එවැන්නකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමේ නෛතික හැකියාවක් නොමැති බව ආණ්ඩු පාර්ශ්වයේ මැති ඇමතිවරු පෙන්වාදෙති.
එවැන්නකුට විරුද්ධව යෝජනාවක් ගෙනඑන්නේ නම් ගෙන ආ හැක්කේ දෝෂාරෝපණය කිරීමේ යෝජනාවක් පමණක් බවද ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කරති.
එසේ හෙයින් නියෝජ්‍ය ඇමතිවරයකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමේ හැකියාවක් නැති බව කියන එම මැති ඇමතිවරු, ලංකා ඉතිහාසයේ කිසිදිනක නියෝජ්‍ය ඇමතිවරයකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර නැතැයි ද ප්‍රකාශ කරති.
මෙම යෝජනාව ගෙනඒමට මූලික වී කටයුතු කළ සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ගෙන් ලංකාදීපය කළ විමසුමක දී ඔහු පවසා ඇත්තේ, ජනාධිපතිවරයා විදේශගතව සිටි සෑම අවස්ථාවකම ඔහුගේ ආරක්ෂක අමාත්‍ය ධුරයේ වැඩ ආවරණය කරනු ලැබුවේ අරුණ ජයසේකර බවයි.
එසේම ඔහු නිතර ආරක්ෂක හමුදා කඳවුරුවලට පවා යමින් විවිධ නියෝග ලබාදුන් බවත් එවැනි තත්ත්වයක් යටතේ ඔහු එම අමාත්‍ය ධුරයේ සිටියදී පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමෙන් ඒ පරීක්ෂණවලට අගතියක් සිදුවිය හැකි බවත් ඔහු සඳහන් කර ඇත.
තමාගේ පමණක් නොව කතෝලික සභාවේ අදහස ද එය ම බව මන්ත්‍රීවරයා පවසා ඇත.
“පාස්කු ඉරුදින ප්‍රහාරය සිද්ධ වෙද්දී ඔහු නැගෙනහිර යුද හමුදා ආඥාපති. දැන් ආරක්ෂක නියෝජ්‍ය ඇමති. එතුමා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ තියාගෙන ඒ පරීක්ෂණ කටයුතු කිරීම විහිළුවක් බව මොළේ කලඳක් තියෙන ඕනෑම කෙනෙකුට තේරෙන යථාර්ථයක්. අපි කියන්නේ ඔහුට අගමැති ධුරය දුන්නත් කමක් නෑ. මේ ගැන පරීක්ෂණ යන වෙලාවේ ඔහු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්න ඕනෑ” යැයි මුජිබර් රහුමාන් සඳහන් කරයි.
යෝජනාව මේ ආකාරයට ගෙනඒමට නොහැකි නම් මෙම චෝදනාම ඇතුළත් කර ඔහුට එරෙහිව දෝෂාරෝපණ යෝජනාවක් ගෙන එන බවත්, පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව මෙවැනි යෝජනා ජයග්‍රහණය කළ නොහැකි බව දන්නා නමුත් මෙය ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ ඒ පිළිබඳව සමාජ කතිකාවක් ඇති කිරීම බවත් ඔහු සඳහන් කරයි.
ආණ්ඩුව මේ අවස්ථාවේදී කළයුත්තේ නීති තර්ක මතුකරමින් යෝජනාවෙන් පැනයෑම නොව යෝජනාවට මුහුණදීම බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart