
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක් තරගාවලි පරාජයක් ඈඳාගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විවේචනය නොකරන ලෙස ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා පැවැති බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් සහ එක්දින තරගාවලි දෙකම ජයග්‍රහණය කර ඇති බව ද ඔහු පෙන්වාදෙයි.
තරඟාවලි දෙකක් ජයග්‍රහණය කිරීමත් එකක් පරාජයවීමත් ක්‍රීඩාවේදී සාමාන්‍ය දෙයක් බවත්, පසුබෑම ගැන පමණක් අවධානය යොමුනොකළ යුතු බවත් ඔහු අවධාරණය කරයි.
එබැවින් එක් පරාජයක් පිළිබඳ පමණක් අදහස් පළකරමින් විවේචන එල්ලකිරීම අසාධාරණ බව ද අමාත්‍යවරයා පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරියගේ මගපෙන්වීම මත ක්‍රිකට් ආයතනය සමඟ එක්ව ක්‍රීඩාව පුනර්ජීවනය කිරීමට කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එහි පැරණි කීර්තිය අත්කර දීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහායවීමට රජය සූදානමින් සිටින බව ද අමාත්‍යවරයා පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart