
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෙවනකුඹුර, බද්දේගම, පොළොන්නරුව සහ වෑකන්දවෙල ප්‍රදේශයන්හි පාසල් හතරක ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා අද (30) පැමිණියහ.
ඒ අනුව හෙවනකුඹුර ශ්‍රී පුඤ්ඤසාර මහා විද්‍යාලය, බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය, පොළොන්නරුව බකමූණ මහසෙන් ජාතික පාසල සහ වෑකන්දවෙල මොරයාය මහා විද්‍යාලයේ සිසු සිසුවියෝ පිරිසක් මෙලෙස ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා එක්ව සිටියහ.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සමඟ එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන ‘Vision’ වැඩසටහන් මාලාවට සමගාමීව එම විදුහල්වලට මෙම අවස්ථාව හිමිව තිබේ.
ජනාධිපති කාර්යාලයීය පැරැණි පාර්ලිමේන්තුව නැරඹීමෙන් පසු පාර්ලිමේන්තු ඉතිහාසය පිළිබඳ සිසුන් දැනුම්වත් කිරීමද සිදු කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන Clean Sri Lanka වැඩසටහන, විධායකයේ කාර්යභාරය සහ නීතියේ ආධිපත්‍යය සම්බන්ධවද එම විද්‍යාලයන්හි ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුම්වත් කිරීමද මෙහිදී සිදුවිය.
මත්ද්‍රව්‍ය උවදුර සම්බන්ධව සහ සාරධර්ම වැඩිදියුණු කර ගැනීම පිළිබඳ දේශනයක් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් සිදුකරන ලදී.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් අදාළ විදුහල්වල පුස්තකාල සඳහා පොත් ලබාදීම, ක්‍රීඩා උපකරණ ලබා දීම සහ පරිසර සතිය ආරම්භ කරමින් පාසල් වෙත වටිනා පැළ බෙදාදීම ද සිදු කෙරිණි.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ. එම්. එන්. කුමාරසිංහ, ජනාධිපති උපදේශක (නීති) අධිනීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර, සහකාර අධ්‍යක්ෂ නදීක දංගොල්ල යන අය සහ අදාළ විදුහල්වල විදුහල්පතිවරු, නියෝජ්‍ය විදුහල්පතිවරු, ආචාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart