October 25, 2023

විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එහි නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (24) මිණුවන්ගොඩ ප්‍රදේශයේදී වැටළීමක් සිදුකර ඇත.

ඒ අනුව, එහිදී කේරළ ගංජා කිලෝ 02, ග්‍රෑම් 70ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01ක් සන්තකයේ තබාගෙන සිටි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම පුද්ගලයාව මිණුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.