
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනය සිය රාජ්‍ය මාධ්‍යයේ විශාලතම ස්පාඤ්ඤ භාෂා YouTube නාලිකා තුනක් හරහා වීඩියෝ දස දහස් ගණනක් නිෂ්පාදනය කර ප්‍රකාශයට පත්කර ඇති බව අනාවරණය වී තිබේ.
පසුගිය වසර කිහිපය තුළ ස්පාඤ්ඤ භාෂාව කතා කරන රටවල සිය ව්‍යාපාර ඉහළ නැංවීමට මෙමෙ වීඩියෝ නිකුත් කර ඇති බව අධ්‍යයනයකින් හෙළි වී ඇත.
කෙසේ වෙතත්, බොහෝ වීඩියෝ දර්ශන බොහොමයක් නොමැති බවත්, ස්පාඤ්ඤ භාෂාව කතා කරන ජනතාව අතර බලපෑමක් ඇති කිරීමට අපොහොසත් වී ඇති බවත් එම අධ්‍යයනයෙන් හෙළි වී තිබේ.
2009 සිට, නාලිකා තුන වීඩියෝ 80,000කට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කර ඇති බව අධ්‍යයනයෙන් සොයාගෙන ඇත.
එහෙත්, එම වීඩියෝ බොහොමයක් සිය ගණනකට වඩා වැඩි පිරිසක් නරඹා නොමැති බවද එහි සඳහන් වේ.
මහජන චීන සමූහාණ්ඩුවේ යටිතල පහසුකම් සහ සංවර්ධනය ප්‍රවර්ධනය කරන වීඩියෝ පට එහිදී ප්‍රමුඛ වී ඇති බව දැක්වේ.
චීන සංස්කෘතිය සහ ෂින්ජියැන්ග්හි දරිද්‍රතාවය පිටුදැකීම අවධාරණය කරන ප්‍රවෘත්ති ද එයට ඇතුළත් බව එම වාර්තාව සදහන් කරයි.
පසුගිය වසර දෙක තුළ චීන රාජ්‍ය මාධ්‍ය ස්පාඤ්ඤ භාෂා නාලිකා බොහෝ විට රුසියානු රාජ්‍ය මාධ්‍යවලින් අන්තර්ගතය විකාශනය කර ඇති බවද අනාවරණය වී ඇති අතර, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව YouTube විසින් එය අවහිර කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart