
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් කොස්තාපල්වරයකුට පහර දී තුවාල සිදු කළ පිය පුතු දෙපලක් හම්බන්තොට වරාය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
හම්බන්තොට වරාය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් මැඩිල්ල ප්රදේශයේ නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටළමට ගිය අවස්ථාවේදී මෙලෙස පහරදීම සිදුවී ඇති බව පොලීසිය පවසයි.
තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ප්රතිකාර සඳහා හම්බන්තොට මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර, රාජකාරී නිමවා නිවසට යමින් සිටි තවත් පොලිස් සැරයන්වරයකු මත්පැන් ජාවාරම්කරුවන්ගේ පහරකෑමට ලක්ව ප්රතිකාර සඳහා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
පහරදුන් මත්පැන් ජාවාරම්කරුවන්ගේ මත්පැන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය පවසයි.
පහරදුන් සැකකරුවන් සොයා පිටිගල පොලිසිය විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart