
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ ජාතික පිතිකරණ පුහුණුකරුවකු වන සංජේ බංගාර්ගේ සංක්‍රාන්ති ලිංගික දියණිය වන අනායා බංගාර්ට ඕස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් ලීගයට එක්වීමට මාර්ගය විවෘත වන බවට පළ වූ වාර්තාවලට දකුණු අප්‍රිකානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩිකා මාරිසේන් කප් සිය දැඩි අප්‍රසාදය පළ කර තිබේ.
සමාජ මාධ්‍යයේ මේ පිළිබඳව පළ වූ සටහනකට ප්‍රතිචාර දක්වමින් කප් පවසා ඇත්තේ,”මේක නම් අන්තිම කැත වැඩක්, මෙහෙම දේවල්වලට කොහෙත්ම ඉඩ දෙන්න හොඳ නැහැ” යනුවෙනි.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අනායාට ඕස්ට්‍රේලියාව පුරා පැවැත්වෙන ප්‍රාදේශීය කාන්තා ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා කිරීමට දැනටමත් අවසර දී තිබේ.
කෙසේවෙතත්, ඇයට WBBL තරගාවලියට ක්‍රීඩා කිරීමට අවසර ලැබී ඇති බවට පළවන වාර්තා පූර්ණ වශයෙන් නිවැරදි නොවේ.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රතිපත්තියට අනුව, ඇගේ රුධිරයේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන මට්ටම අදාළ සීමාවන්ගේ පවත්වාගෙන යන්නේ නම්, ඇයට WBBL වැනි ප්‍රමුඛ පෙළේ තරග සඳහා සුදුසුකම් ලැබිය හැක්කේ 2027 මාර්තු මාසයෙන් පසුවය.
මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් අනායා බංගාර් පවසා ඇත්තේ, සුදුසුකම් ලැබීම යනු කණ්ඩායමකට තේරීම නොවන බවත්, තමන්ට කණ්ඩායමේ ස්ථානයක් හිමිවීමට නම් දක්ෂතා දක්වා එය දිනාගත යුතු බවත්ය.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නීතිවලට අනුව සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට අන්තර්ජාතික කාන්තා ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා කිරීමට අවසර නොමැති අතර, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සිය දේශීය තරග සඳහා වෙනස්ම ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මේ වන විට දැඩි කතාබහට ලක්වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart