
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින තරග ඉතිහාසයේ වැඩිම අවස්ථා ගණකදි ලකුණු 400 සීමාව පසු කළ කණ්ඩායම බවට පත්වීමට දකුණු අප්‍රිකාවට අද (15) හැකි විය.
ඒ, හෙන්රික් ක්ලාසින්ගේ වාර්තාගත සුපිරි ඉනිම සහ ඩෙවිඩ් මිලර්ගේ සුපිරි පිතිකරණය හමුවේ වීම විශේෂත්වයකි.
ඕස්ට්‍රේලියාවට එරෙහිව සෙන්චුරියන් හිදී පැවැත්වෙන 04වැනි එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් කඩුලු 05ට ලකුණු 416ක් ලබාගනිමින් දකුණු අප්‍රිකාව මෙම වාර්තාව පිහිටවුයේ ඉන්දීයාව අභිබවා යමිනි.
එක්දින තරග 06 කදී ලකුණු 400 සීමාව 06 වතාවක් පසුකරමින් ඉන්දියාව හා දකුණු අප්‍රිකාව මෙම තරගය ආරම්භයට පෙර සම තත්ත්වයේ පසුවිය.
එංගලන්ත කණ්ඩායම ද අවස්ථා 05කදී එක්දින ලකුණු 400 පසුකර ඇති අතර ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අවස්ථා දෙකකදී එම දක්ෂතාව දක්වා ඇත.
නවසීලන්තය සහ සිම්බාබ්වේ කණ්ඩායම් ද එක් අවස්ථාව බැගින් එක්දින තරලයකදී ලකුණු 400 සීමාව පසුකර තිබේ.
ඕස්ට්‍රේලියාව සමග සෙන්චුරියන් හිදි පැවැත්වෙන එක්දින තරගයේදි හෙන්රික් ක්ලාසින් වේගවත් ලකුණු 174ක් පන්දු 83කදී ලබාගත්තේ හතරේ සහ හයේ පහරවල් 13ක් සමගිනි.
එය හතරවන වේගවත්ම එක්දින ලකුණු 150 ලබාගැනිම ලෙස වාර්තා වූ අතර, ක්ලාසින් ඒ සදහා පන්දු 77ක් වැයකරන ලදී.
මෙහිදී අන්තර්ජාතික ක්‍රිකට් ඉතිහාසයේ පන්දු යවන්නකු පන්දුවාර 10 තුළදී ප්‍රතිවාදී කණ්ඩායමට ලබාදුන් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව දකුණු අප්‍රිකාව හමුවේ ඕස්ට්‍රේලියාවේ ඇඩම් සම්පා නම ඉදිරියේ ලියැවිණි.
එම ලකුණු සංඛ්‍යාව 113ක් වන අතර, 2006 වසරේදී දකුණු අප්‍රිකාව විසින්ම ඕස්ට්‍රේලියානු පන්දුයවන්නෙකු වන මාක් ලුවිස්ට එරෙහිව පන්දුවාර 10කදී ලකුණු 113ක් ලෙස ලබාගෙන තිබිණි.
මෙම තරගයේදී ක්ලාසින් ඩෙවිඩ් මිලර් සමග එක්ව එක්දින තරග ඉතිහාසයේ වේගවත්ම පිතිකරණ සබදතාව පිහිටවූයේ පන්දු 94කදී ලකුණු 222ක් රැස්කරමිනි.
ඩෙවිඩ් මිලර් හයේ පහරවල් 05ක් සහ හතරේ පහරවල් 06 ක් සමගින් ලකුණු 82 ලබාගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart