
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඒඩන් මාක්‍රම්ගේ විශිෂ්ට ශතකය හේතුවෙන් දකුණු අප්‍රිකාව අද ලෝඩ්ස් හි පැවැති ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 5 ක ජයග්‍රහණයක් අත්කර ගත්තේය.
දකුණු අප්‍රිකාව ප්‍රධාන ගෝලීය ක්‍රිකට් කුසලානයක් සඳහා දශක ගණනාවක් තිස්සේ බලා සිටි ඔවුන්ගේ ‘බලාසිටීමේ කාලය’ එලෙස අවසන් කළේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 282 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාව, සිවවැනි දිනයේ දිවා ආහාරයට පෙර කඩුලු 5 ක් දැවී ඉලක්කය සපුරා ගත්තේය.
ආරම්භක පිතිකරු මාක්රම් ලකුණු 136කට දැවී ගිය අතර, ඒ වන විට ඔහුගේ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ඉතිරිව තිබුණේ ලකුණු 6ක් පමණකි.
මීට පෙර පැවැති එක්දින අන්තර්ජාතික සහ විස්සයි20 ලෝක කුසලාන තරඟාවලි 18 කදී දකුණු අප්‍රිකාව අවසන් තරඟයට පිවිසියේ එක් වරක් පමණි.
එය පසුගිය වසරේ බාබඩෝස් හි පැවති විස්සයි20 ලෝක කුසලාන තරඟාවලියේදී, ඔවුන්ට අවසන් පන්දු 30 න් ලකුණු 30 ක් පමණක් අවශ්‍ය වුවද, අවසන් මොහොතේ ඉන්දියාව හමුවේ පරාජයට පත්විය.
ලකුණු පුවරුව
– ඕස්ට්‍රේලියාව පළමු ඉනිම 212 (බී වෙබ්ස්ටර් 72, එස් ස්මිත් 66; කේ රබාඩා 5-51, එම් ජැන්සන් 3-49)
– දකුණු අප්‍රිකාව පළමු ඉනිම 138 (ඩී බෙඩිංහැම් 45; පී කමින්ස් 6-28)
– ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිම 207 (එම් ස්ටාර්ක් 58 නොදැවී; කේ රබාඩා 4-59, එල් න්ගිඩි 3-38)
– දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිම 282-5 (ඒ මාර්ක්රම් 136, ටී බවුමා 66; එම් ස්ටාර්ක් 3-66)
ප්‍රතිඵලය: දකුණු අප්‍රිකාව කඩුලු පහකින් ජයග්‍රහණය කළේය
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart