
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වවුනියාවේ සුන්දරපුරම් ප්‍රදේශයේ දී පුද්ගලයකු විසින් කාන්තාවකගේ කටට වෙඩි තැබීම නිසා එම කාන්තාව බරපතල ලෙස තුවාල ලබා 5 වැනිදා වවුනියාව මහ රෝහලට ඇතුළත් කර තිබේ.
කාන්තාවට වෙඩි තබන ලද පුද්ගලයා එම කාන්තාවගේ බෑණා කෙනකු වන බව ද, කේලම් කීමේ සිද්ධියක් මත උරණ වී මෙලෙස කාන්තාවගේ කටට වෙඩි තබා ඇති බව ද සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන වවුනියාවේ ඊච්චන්කුලම පොලිසියට තොරතුරු ලැබී තිබේ.
බෑණා සිය නැන්දම්මාගේ නිවසට ගොස් මෙම වෙඩි තැබීම සිදු කර ඇත.
වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 53 ක කාන්තාවක වන අතර ඇයට වෙඩි තබන ලද තුවක්කුව පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
කාන්තාවට වෙඩි තැබීමෙන් පසුව වෙඩි තබන ලද බෑණා ප්‍රදේශයෙන් පළාගොස් ඇත.
ඔහු අත්අඩංගුවට ගැනීමට ඊච්චන්කුලම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart