
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ පරීක්ෂණ කඩිනමින් සිදුකෙරෙන බවත්, මෙම වසරේ පාස්කු ඉරිදාට පෙර වගකිවයුතු කිහිපදෙනකු හෙළිදරව් කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
අද (30) දෙයියන්දර ප්‍රදේශයේ පැවති මහජන රැස්වීමකදී රැස්ව සිටි පිරිස අමතමින් ඔහු මෙම අදහස් පළකළේය.
මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේ පැවසීය, “පාස්කු ප්‍රහාර පිළිබඳ පරීක්ෂණ ක්‍රමානුකූලව සිදුකෙරෙමින් පවතිනවා. අප්‍රේල් 21 වන දින නැවතත් පාස්කු ප්‍රහාර දිනය සිහිපත් කරනවා. “අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අප්‍රේල් 21 ට පෙර ප්‍රහාරවලට වගකිව යුතු සැලකිය යුතු කණ්ඩායමක් හෙළිදරව් කිරීමට කටයුතු කරමින් සිටිනවා”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart