
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපොළ ඉදිකර ඇත්තේ ව්‍යාපාරික අරමුණකින් තොරව බව ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
එය අතහැර දැමූ ගුවන් තොටුපොළක් බවට පත්ව ඇති බවත්, මේ හේතුවෙන් රට විශාල ණය බරකට මුහුණ පා සිටින බවත් එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අමාත්‍යවරයා ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
2030 දක්වා ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 260ක ණය මුදලක් මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බව ද ඔහු පෙන්වාදුන්නේය.
ගුවන් යානා ගොඩබැස්වීම මෙන්ම ගුවන්ගත කළ හැකි පරිදි මත්තල ගුවන් තොටුපළ ක්‍රියාකාරී ආයතනයක් බවට පත්කිරීමට රජය උත්සාහ කරමින් සිටින බව පැවසූ ඔහු පෙන්වාදුන්නේ, එම ක්‍රියාවලිය වසරකින් හෝ දෙකකින් සිදුකළ හැකි දෙයක් නොවන බවයි.
රට මේ වන විටත් මෙම ගුවන් තොටුපොළ සඳහා වියදම් පියවීමට සහ ණය ගෙවීමට මුහුණ දී සිටින බව ද ඔහු පැවසුවේය.
ප්‍රධාන ගුවන් තොටුපොළක් නොවුණත් විකල්ප ගුවන් තොටුපොළක් ලෙස එය අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා පැවසුවේ, මෙරට විකල්ප ගුවන් තොටුපොළක් ලෙස මත්තල ගුවන්තොටුපළ යම් ප්‍රමාණයකට ප්‍රයෝජනවත් වී ඇති බවයි.
ගුවන් තොටුපොළ නඩත්තු කිරීම වැනි වෙනත් මෙහෙයුම් සඳහාත්, ප්‍රධාන ගුවන් තොටුපළ පරිශ්‍රයෙන් පිටත පිහිටි භූමිය සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහාත් යොදාගැනීමට සාකච්ඡා කරමින් සිටින බව ද අමාත්‍යවරයා අනාවරණය කළේය.
ඉහළ මගීන් සංඛ්‍යාවක් පිළිගැනීමේ හැකියාවට පැමිණෙන තුරු, වෙනත් ආදායම් උත්පාදන ව්‍යාපෘති සහ ව්‍යාපාර හරහා ගුවන් තොටුපළ ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට රජය බලාපොරොත්තු වන බවත් ඔහු පෙන්වාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart