October 1, 2024

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයකටම පොහොට්ටුව ලකුණින් තරඟ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

එම තීරණය පක්‍ෂයේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් විසින් තහවුරු කළේය.

“අපි පක්ෂයක් ලෙස තීරණයක් ගෙන තිබෙනවා.ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකාව පුරා සියලුම දිස්ත්‍රික්කවලට පොහොට්ටුව ලකුණින් තරග කරනවා.අපි මේ මැතිවරණයට මුහුණ දී පක්ෂයේ ජයග්‍රහණය තහවුරු කරන්න ශක්තිමත් කණ්ඩායම් හදනවා.” යනුවෙන් ඔහු පැවසීය.

පක්‍ෂය හැර ගිය අයට නාමයෝජනා ලබා නොදෙන බව ද පක්‍ෂයේ මහලේකම්වරයා සඳහන් කළේය.

42.31%
17.27%
32.76%