May 1, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂකයා ලෙස අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද ප්‍රකාශ කළේය.

ඔහු මේ බව අනාවරණය කළේ දිවංගත ටී.බී. ඉලංගරත්නයන්ගේ සමරුමකට එක්වෙමිනි.

පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය විජයදාස රාජපක්ෂට හිමිවන බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

තමන් මීට පෙර ජනාධිපති ධුරයේ කටයුතු කර ඇති බවත්, නැවත ජනාධිපතිවරණයට තරඟ නොකරන බවට ප්‍රතිඥා දුන් බවත් හෙතෙම එහිදී පැවැසීය.

ඉදිරි ජනාධිපතිවරණයට විජයදාස රාජපක්ෂ ඉදිරිපත් වන අතර ඔහුට අපගේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවද ඔහු පැවසීය.