
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය උත්සවාකාරයෙන් කුරුණෑගල හෙට්ටිපොළදී පැවැත්වීමට පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර සිදුකළ සියලුම සංවිධාන කටයුතු කඩාකප්පල් කරමින්, එම සංවත්සරය කොළඹ පැවැත්වීමට ආණ්ඩුවට එක්ව සිටින ශ්‍රීලනිප ඇමැති කණ්ඩායම සමත්ව තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරය මෙවර හෙට්ටිපොළදී පැවැත්වෙන බව, පසුගිය අගෝස්තු 16වැනිදා දයාසිරි ජයසේකර විසින් ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ කළත් පසුදින වන විට එම තීරණය වෙනස් වී තිබිණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 72 වෙනි සංවත්සරය ආරක්ෂක හේතූන් මත සහ රටේ පවතින අයහපත් ආර්ථික තත්වය මෙන්ම පක්ෂයේ ආසන සංවිධායකවරු, පළාත් සභා ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරු ඇතුළු සමස්ත ක්‍රියාකාරී සියලුදෙනාට පහසු වන පරිදි 2023 සැප්තැම්බර් 03 වන දින සවස 2.00 ට, ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල් (Monarch Imperial ) හෝටලයේ දී පැවැත්වීමට තීරණය කළ බව එම පක්ෂය ප්‍රකාශ කළේය.
මෙම හදිසි වෙනසට හේතුවී ඇතැයි පැවැසෙන්නේ ආණ්ඩුවට සහයෝගය පළකරමින් ඇමැති ධූර ලබාගෙන සිටින මහින්ද අමරවීර ඇතුළු ශ්‍රීලනිප කණ්ඩායමේ බලපෑමයි.
මේ වන විට ශ්‍රීලනිපයේ සහයෝගය ආණ්ඩුවට ලබාගැනීම වෙනුවෙන් මහින්ද අමරවීර සහ නිමල් සිරිපාල ප්‍රමුඛ කණ්ඩායම මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනටද ඊට එරෙහිවීමට හැකියාවක් නොමැති තත්වයක් උදාවී ඇති බව වාර්තා සඳහන් කරයි.
මෙලෙස පක්ෂ සංවත්සරය කොළඹට ගෙන ඒමට හැකියාව ලැබීම මහින්ද අමරවීර ප්‍රමුඛ කණ්ඩායම ලැබූ ජයග්‍රහණයක් ලෙස සැළකෙන අතර, මේ හේතුවෙන් මහ ලේකම් දයාසිරි ජයසේකර දැඩි කලකිරීමට පත්ව ඇතැයි පැවැසේ.
මේ අතර මහින්ද අමරවීර මෙලෙස ශ්‍රීලනිපය ආණ්ඩුවට සහාය පළකරන ස්ථාවරයකට රැගෙන ඒමට සමත්වීම අගයමින්, කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස ඔහු ඉදිරිපත් කර තිබූ ඉල්ලීමක් වූ බඩඉරිඟු සඳහා පනවා ඇති ආනයන බද්ද රුපියල් 75 සිට රුපියල් 25දක්වා අඩුකරදීමටද ජනාධිපතිවරයාගේ පාර්ශ්වය කටයුතු කර ඇතැයි වාර්තා අනාවරණය කරයි.
මේ අතර කොළඹදී පැවැත්වීමට නියමිත ශ්‍රීලනිප සංවත්සරයේ බරපැන ආණ්ඩුවට සම්බන්ධ පාර්ශව විසින් දැරීමට කැමැත්ත පළකර ඇතැයිද වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම තත්වය මත ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පක්ෂ සංවත්සරයට සහභාගී වීම අවිනිශ්චිත තත්වයක පවතින බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart