
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 මැතිවරණ ව්‍යාපාරයේදී ජනාධිපති අපේක්ෂකයන්ට ගුවන් ප්‍රවාහන සේවා සැපයීමෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව රුපියල් මිලියන 56කට වඩා උපයා ඇති බව වාර්තා වී
2024 අගෝස්තු 15 වැනි දින නාමයෝජනා භාරදීමේ සිට 2024 සැප්තැම්බර් 18 වැනි දින මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වන තෙක් දින 34ක් පුරා මෙම සේවාවන් සපයා තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ගුවන් ගමන් 23ක් සඳහා රුපියල් මිලියන 29.09ක්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ගුවන් ගමන් 11ක් සඳහා රුපියල් මිලියන 20.75ක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ගුවන් ගමන් දෙකක් සඳහා රුපියල් මිලියන 1.44ක් වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මුදල් උපයා ඇත.
ඊට අමතරව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ගුවන් ගමන් දෙකක් සඳහා රුපියල් මිලියන 2.68ක්, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධනගේ එක් ගුවන් ගමනක් සඳහා රුපියල් මිලියන 1.24ක් සහ හිටපු ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායකගේ ගුවන් ගමනක් සඳහා රුපියල් මිලියන 1.6ක් ය කරගෙන ඇත.
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත (RTI) යටතේ කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ගුවන් හමුදාව මෙම තොරතුරු සපයා ඇත.
ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුර කිසිදු ගුවන් යානයක් භාවිත කර නැත.
මැතිවරණ කාලය තුළ ගුවන් ප්‍රවාහනයට සඳහා ඉන්ධන ලීටර් 42,000ක් සඳහා රුපියල් මිලියන 9ක් වියදම් කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව වාර්තා කළේය.
ජනාධිපතිවරණ සමයේදී ජනාධිපති අපේක්ෂකයන් සහ ඔවුන්ගේ ගුවන් යානා භාවිතය මාධ්‍ය තුළ කතාබහට ලක්වූ අතර, බොහෝ දෙනෙක් අනුමාන කළේ රාජ්‍ය අරමුදල් සහ සම්පත් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගෙන ඇති බවයි.
එම ප්‍රකාශයන්ට ප්‍රතිචාර වශයෙන්, සම්මත ක්‍රියාපටිපාටි අනුගමනය කරමින් ගෙවීම් පදනමක් මත අපේක්ෂකයන්ට ගුවන් යානා ලබා දී ඇති බව ගුවන් හමුදාව මීට පෙර ප්‍රකාශ කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart