
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගය ස්කොට්ලන්තය සමගින් හෙට (ජුනි 27) පැවැත්වේ.
කණ්ඩායම් දෙකම සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ඇති බැවින් හෙට තරගයේ ප්‍රසාද ලකුණු සුපිරි වටයට රැගෙන යෑමේ අවස්ථාව දෙපිළටම ලැබී තිබේ.
එම නිසා හෙට තරගය ද තීරණාත්මක තරගයක් වන බව ශ්‍රී ලංකා පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් බුලවායෝහිදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
එම නිසා පෙර තරගවලට ක්‍රීඩාකළ ජයග්‍රාහී කණ්ඩායමේ වෙනසක් සිදු කිරීම අසීරු බවයි මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ.
කෙසේ වෙතත් තරගයට ක්‍රීඩා කරන අවසන් කණ්ඩායම පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති නමුත් කණ්ඩායමේ බරපතල වෙනසක් සිදු නොවනු ඇති බව ශ්‍රී ලංකා පුහුණුකරු පැවසීය.
හෙට තරගය ජය ගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රසාද ලකුණු 4ක් සමගින් සුපිරි 6 දෙනාගේ වටයට පිවිසීමට හැකිවනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart