
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අයර්ලන්තය සමග පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 325ක් ලබා ගැනීමට සමත් විය.
එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න ලකුණු 103ක් ලබා ගත්තේ සිය මංගල එක්දින ශතකය වාර්තා කරමින්.
සිය මංගල එක්දින ශතකය වාර්තා කළ වයස්ගතම ශ්‍රී ලංකා ක්‍රිඩකයා ලෙස ද 35 හැවිරිදි දිමුත් ඉතිහාසයට එකතු වේ.
මීට පෙර එම වාර්තාව සතුව තිබුණේ අවුරුදු 32 දී මංගල ශතකය වාර්තා කළ තිලාන් සමරවීරටය.
සිය එක්දින ලකුණු 1000 සීමාව පසුකර යෑමට ද දිමුත් අද තරගයේදී සමත් විය.
දිමුත් සහ සමරවික්‍රම අතර තෙවැනි කඩුල්ලට ලකුණු 168ක සබඳතාවක් ගොඩ නැඟුණි.
එහිදී සදීර සමරවික්‍රම ලකුණු 82ක් ලබා ගත් අතර එය ඔහුගේ හොඳම එක්දින ඉනිමයි.
ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 42ක් ලබා ගත්තේය
ශ්‍රී ලංකා පිතිකරුවන් පහසුවෙන්ම ලකුණු 350 සීමාව පසු කර යනු ඇතැයි වරෙක අනාවැකි පල කෙරුණ ද මැදපෙළ කඩා වැටීම හේතුවෙන් පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 325කට ඉනිම සීමා විය.
අයර්ලන්ත කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් සියලු දෙනා දැවී ගිය පළමු එක්දින තරගය ලෙස ද මෙම තරගය වාර්තා පොත් අතරට එක්වේ.
සුපිරි 6 දෙනා අතරට සුදුසුකම් ලබා ගැනීමට නම් අයර්ලන්තයට ලකුණු 326ක ඉලක්කය සපුරා ගැනීම අනිවාර්ය වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart