
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ මහනගර සභාවේ බහුතර බලය විපක්ෂයට හිමි බැවින්, නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා අනෙකුත් විරුද්ධ පක්ෂවල සහාය ලබාගන්නා බව සමගි ජන බලවේගය පවසයි.
ජාතික ජන බලවේගය වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත්තද, කොළඹ මහනගර සභාවේ බහුතර බලය විපක්ෂ පක්ෂවලට හිමිවන අතර, තමන්ගේම නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා සමගි ජන බලවේගය අනෙකුත් විරුද්ධ පක්ෂවල සහාය ලබා ගන්නා බව සමගි ජන බලවේග මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පැවැසීය.
2025 පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය කොළඹ මහනගර සභාවේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන ඇති අතර මුළු ආසන 48 ක් දිනාගෙන ඇත.
කෙසේවෙතත්, දිවයිනේ පැරණිතම සහ විශාලතම පළාත් පාලන අධිකාරිය සහ ශ්‍රී ලංකාවේ විශාලතම නගර සහ මූල්‍ය මධ්‍යස්ථානයේ නාගරික පාලක මණ්ඩලය වන කොළඹ මහනගර සභාවේ සමස්ත බහුතරයක් ලබා ගැනීමට ජාතික ජන බලවේගය අසමත් විය.
සමගි ජන බලවේගයඡන්ද 58,375ක් ලබා ගනිමින් ආසන 29ක් දිනාගත් අතර, එක්සත් ජාතික පක්ෂයඡන්ද 26,297ක් ලබාගනිමින් ආසන 13ක් දිනාගත්තේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පිළිවෙලින් ආසන 5ක් සහ 4ක් දිනාගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart