
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ සහ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක අතර දේශපාලන ගනුදෙනුවක් පවතින බවට සාවද්‍ය චෝදනාවක් එල්ල කරමින් සමගි ජන බලවේගය පහත් දේශපාලනයක නිරතවෙමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසයි.
සමගි ජන බලවේගය සිය දේශපාලන බංකොලොත්භාවය ප්‍රදර්ශනය කරන බව එහි සාමාජිකයන් කරන චෝදනාව දෙස බලන විට පැහැදිලියි වන බව රුවන් විජේවර්ධන මාධ්‍ය හමුවකදී පැවසීය.
“අනුර කුමාර දිසානායක විටින් විට විවිධ ප්‍රකාශ ඉදිරිපත් කරනවා. ඔහු ගමේ මිනිසුන්ට පවසන්නේ තමා යටතේ ඇති පාලනයකට අන්තර්ජාතික මූල්‍ය අරමුදලසමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව. කෙසේවෙතත්, ඔහු කොළඹ ජනතාවට පවසන්නේ තමන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ සම්බන්ධ වීම දිගටම කරගෙන යන බවයි. ඇයි මේ පරස්පරය?” යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.
“සමහර අපේක්ෂකයන් වෙනසක් සඳහා උද්ඝෝෂණ කරනවා. මේ මොහොතේ රටට වෙනසක් කළ නොහැකියි. රටට අවශ්‍ය වන්නේ ආර්ථික ස්ථාවරත්වයයි. වෙනසක් මගින් මෙම ස්ථාවරත්වය විනාශ වෙන්න පුළුවන්. ඊනියා වෙනසක් අවම වශයෙන් වසර දෙකක කාලයක් තුළ තවත් මැතිවරණයකට රට ගෙන යන්න ඉඩ තියෙනවා. තවත් කඳවුරක් තමන්ගේ කණ්ඩායම ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරනවා. ඔවුන්ට මඟ පෙන්වීමට හොඳ නායකයකු නොමැති නම් හොඳ කණ්ඩායමකින් පලක් නැහැ. සමගි ජන බලවේගය සතුව හොඳ කණ්ඩායමක් හිටියත් ඔවුන්ට සහ රටට මඟ පෙන්වීමට හොඳ නායකයකු ඔවුන්ට නැහැ, ”යනුවෙන් ඔහු අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart