
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ස්වේච්ඡා සේවකයන් පිරිසක් විසින් මහනුවර නගර සභා පරිශ්‍රයේ පවත්වාගෙන යනු ලබන සහන සේවා මධ්‍යස්ථානයකට බාධා කළ මහනුවර මහ නගර සභාවේ සමගි ජන බලවේග සාමාජිකයන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඒ සම්බන්ධයෙන් සමාව අයැද ඇති අතර මන්ත්‍රීවරුන්ගේ එම හැසිරීම ඔහු හඳුන්වා ඇත්තේ නුසුදුසු සහ අනවශ්‍ය ක්‍රියාවක් ලෙසයි.
විශේෂයෙන් ජනතාව මානුෂීය සහයෝගය මත යැපෙමින් සිටින අවස්ථාවක සෝමේ ලෙස ප්‍රකට තරුණයා සහ ඔහුගේ ස්වේච්ඡා සේවකයන් කණ්ඩායමේ ක්‍රියාකාරකම්වලට විරුද්ධ වූ සජබ සාමාජිකයන්ගේ හැසිරීම පිළිගත නොහැකි බව ඔහු පැවසීය.
මහනුවර දිස්ත්‍රික්කයට බලපෑ දරුණු ගංවතුර සහ නායයෑම්වලින් පීඩාවට පත් ජනතාවට උපකාර කිරීම සඳහා ස්වේච්ඡා සේවකයන් විසින් සහන සේවා සහ භාණ්ඩ එකතු කිරීමේ අදාළ මධ්‍යස්ථානය පිහිටුවා තිබිණි.
කෙසේවෙතත්, මහනුවර මහ නගර සභාවේ ඇතැම් විපක්ෂ මන්ත්‍රීවරුන් එම ක්‍රියාකාරකම් අඛණ්ඩව පවත්වාගෙන යෑම අවහිර කිරීමට උත්සාහ කළ බවට වාර්තා වූ අතර එය ජනතාවගේ විවේචනයට ලක් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart