
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේට භාවිත කළ අසභ්‍ය වචනයකට ඇතැම් සමගි ජන බලවේග සාමාජිකයන්ගේ විරෝධය පළවී තිබේ.
රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී රාජ්‍ය ඇමැතිනියට “පිස්සු බැ**” යන හැඳින්වීමක් සිදුකළේය.
“ඔබට ගරු කරන පුද්ගලයන් විසින් මෙවැනි භාෂාවක් භාවිතා කරන විට එය අතිශයින්ම බලාපොරොත්තු සුන් කරවනසුළුයි. කිසිදු ආකාරයක ස්ත්‍රී පුරුෂභාවයක් සහිත වෛරී ප්‍රකාශ පාර්ලිමේන්තුව තුළ නොඉවසිය යුතුය යන ස්ථාවයේ මම සිටිනවා.” යැයි සජබ සාමාජිකා චමත්කා රත්නායක සඳහන් කරයි.
පාර්ලිමේන්තුවට නොගැලපෙන යමක් වේ නම්, කවුරුන් එම හැසිරීම් වල නිරත වුවද පැමිණිල්ලක් මත එය විභාග කිරීමට ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවට අවස්ථාව පවතින බවද ඇය පවසයි.
රංජිත් මද්දුම බණ්ඩාර කළ ප්‍රකාශයට සජබ තරුණ උප සභාපති රෙහාන් ජයවික්රමද විරෝධය පළකර ඇත.(Colombo Gazette)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart