
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදල(IMF) සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම පිළිබඳව පාර්ලිමේන්තුවේ ඡන්දය විමසන අවස්ථාවේ සමගි ජන බලවේගය එම අවස්ථාව මගහැර ගිය බවත්, ඊට එරෙහිවීමට එම පක්ෂයට ‘කොන්දක්’ නොතිබූ බවත් ජාතික ජන බලවේගය පවසයි. ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික සුනිල් හඳුන්නත්ති කොළඹදී පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් පෙන්වාදුන්නේ මෙම ගිවිසුම හරහා රටට සිදුවන හානියට සමගි ජන බලවේගයද එකසේ වගකිවයුතු බවයි.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම පිළිබඳව දින තුනක පාර්ලිමේන්තු සංවාදයක් පැවැත්වූවා. මේ සංවාදයේදී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව හැසිරුණු ආකාරයත් සමගි ජන බලවේගයේ ක්‍රියාකලාපයත් මේ රටේ ජනතාවගේ විශේෂයෙන් සැලකිල්ලට ලක්කවිය යුතුයි. එම ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදකර අනුමැතිය ලබාගත් පසුවයි අත්සන් කිරීම කළ යුත්තේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති හෝ අගමැති වෙන්න කලින් බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිගෙන් දිගින් දිගටම අයි.එම්.එෆ්. පූර්ව කොන්දේසි වාර්තාව ඉල්ලා සිටියා. එදා බැසිල් රාජපක්ෂ මූල්‍ය අරමුදල එක්ක ඇතිකරගත් එකඟතාවලටම අද රනිල් වික්‍රමසිංහ අත්සන් කර තිබෙනවා. අවසානයේදී රනිල් වික්‍රමසිංහ බැසිල්ව කරේ තබාගෙන ගිහින්. මේ ගිවිසුම ගැන විවාදය ආරම්භ කළේ රනිල් වික්රමවසිංහ. නමුත් මතුවූ කරුණුවලට පිළිතුරු දෙන්නවත් ඔහු ඉදිරිපත් නොවී රටට වගකිවයුතු නායකයෙක් නොවන බව තහවුරුකර තිබෙනවා. විවාදය සම්බන්ධ පිළිතුරු කතාව කළේ රංජිත් සියඹලාපිටිය.
ආණ්ඩු පක්ෂය ඒ විදියට හැසිරෙනකොට සමගි ජන බලවේගය මේ ගිවිසුමට විරුද්ධව ඡන්දය පාවිච්චි නොකර මඟහැරියා. මෙතන තිබෙන්නේ පක්ෂද නැත්ද කියන එක විතරයි. අතරමැද තැනක් නැහැ. මේ ගිවිසුම හරහා ඇතිකරන්න යන වෙනස්කම්වලින් රටට, ආරථිකයට, ජන සමාජයට සිද්ධ වෙන විනාශය සමගි ජන බලවේගයෙන් අනුමත කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහට ඕන වුණේ පාර්ලිමේන්තුවෙන් අනුමත කළා කියන සීල් එක ගහගන්න විතරයි. ඒකට විරුද්ධ වෙන්නවත් කොන්දක් සමගි ජන බලවේගයට තිබුණේ නැහැ. මේ කවුරුත් කරන්නේ එකම නාට්‍යයේ රඟපාන එක බව ජනතාව තේරුම් ගන්න ඕනෑ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart