
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නැඟෙනහිර පළාතේ සිදුකළ පැහැරගැනීම්, අතුරුදන් කිරීම් සහ වෙඩිතැබීම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ඇමැති ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් යටතේ සේවය කළ වෙඩික්කරුවන් 6 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
එම දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රඳවාගෙන ප්‍රශ්න කරන පිල්ලෙයාන්ගෙන් සහ නැඟෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් නොහොත් ඉනියභාරතීගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්නකිරීම්වලදී මේ කණ්ඩායම පිළිබඳ තොරතුරු හෙළි වී ඇතැයි පැවැසේ.
මේ දෙදෙනා විසින් අනාවරණය කරන ලද තොරතුරු මත පසුගිය සතියේ මඩකලපුවේදී සහ කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අදාළ වෙඩිතැබීම්වලට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනක්ද අත්අඩංගුවට ගනු ලැබීය.
පිල්ලෙයාන් විසින් 2007 – 2008 කාලයේදී මෙහෙයවන ලද සන්නද්ධ කණ්ඩායමක් මඟින් එම කාලයේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ සහ නැඟෙනහිර පළාතේ දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් වැසියන් ඝාතනය කිරීම්, පැහැරගෙන යෑම් සහ අතුරුදන් කිරීම් රැසක් සිදු කළ බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart