
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වයික්කාලේදී නීතිවිරෝධී මත්පැන් විෂවීමෙන් පුද්ගලයන් හයදෙනෙකු මිය ගිය සිද්ධියේ ප්රධාන සැකකරු වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු බණ්ඩිරිප්පුව ප්රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ හලාවත දිස්ත්රික් මහ රෝහලේදී සිදුකිරීමෙන් පසු මරණ පහක් මත්පැන් විෂවීමෙන් සිදුවී ඇති බව අනාවරණය වී තිබේ.
මියගිය හයවැනි පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (08) හලාවත රෝහලේදී සිදුකිරීමට නියමිතය.
මේ අතර, මත්පැන් පානය කිරීමෙන් රෝගාතුර වූ තවත් පුද්ගලයන් අටදෙනෙක් මේ වන විට මීගමුව සහ පේරාදෙණිය රෝහල්වල ප්රතිකාර ලබමින් සිටිති.
ජනවාරි 06 වැනි දින නීතිවිරෝධී මත්පැන් පානය කිරීමෙන් පුද්ගලයන් හයදෙනෙකු මියයෑමේ සිද්ධියෙන් පසුව, වෙන්නප්පුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කළ අතර, එහිදී සැකකරුවන් දෙදෙනෙකු මුලින් අත්අඩංගුවට ගන්නා ලදී.
පසුව, සැකකරුවන් දෙදෙනා ඊයේ (07) මාරවිල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර ජනවාරි 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
වෙන්නප්පුව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart