
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව මහා මාර්ගයක ඉතා අනතුරුදායක සහ අවදානම් සහගත ලෙස යතුරුපැදි පදවන ආකාරය දැක්වෙන වීඩීයෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවීමත් සමග අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හයදෙනෙකු සමන්තුරේ පොලිසිය විසින් අත්අඩංගුවට තිබේ. එහිදී ඔවුන් පැදවූ යතුරුපැදි අටක් 08 ද පොලිස් භාරයට ගෙන ඇත.
සමන්තුරේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් සිදුකළ විමර්ශනවලදී, අදාළ වීඩියෝවේ දැක්වෙන මාර්ගය සම්මන්තුරේ පොලිස් බලප්‍රදේශයට අයත් එකක් බව හඳුනා ගැනීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පොලිසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඉකුත් ජූලි 11 වනදා මෙම පිරිස මෙලෙස නොසැලකිලිමත් ලෙස යතුරුපැදි පදවා ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ පොලිස් භාරයට ගත් යතුරුපැදි අද සම්මන්තුරේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
සම්මන්තුරේ පොලිස් ස්ථානය මඟින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart