July 27, 2024

මෙවර ජනාධිපතිවරණයේ දී තම සහාය විජේදාස රාජපක්ෂට ලබාදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඔහු මේ බව දැනුම්දුන්නේ, අද(27) කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ, තමන් ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බව පසුගියදා නිල වශයෙන් ප්‍රකාශ කළේය.