September 10, 2026

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ප්‍රධානය කළ පොදු සමාව බල රහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

අතුරුදන්ව සිටින ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳවන සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පිරිසක් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු භික්ෂුවට 2018 වසරේ අභියාචරාධිකරණය විසින් වසර හයක සිරදඬුවම් නියම කර තිබිණි.

එම දඬුවමින් ඥානසාර භික්ෂුව නිදහස් කරමින් එවක ජනාධිපතිවරයා විසින් පොදු සමාවක් ප්‍රදානය කෙරිණි.