
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය චිත්‍රපට අධ්යක්ෂ රෝහිත් ෂෙට්ටිගේ නවතම නිර්මාණය වන ‘සිංහම් අ’ගේන්’ හි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්ථාන කිහිපයක් අන්තර්ගත වී තිබේ.
එම චිත්‍රපටය අතීත රාමායණයේ සාරය මුසුවුණු චිත්‍රපටයක් ලෙසින් සැළකේ.
චිත්‍රපටයේ ක්‍රියාදාම පෙළකින් යුතු හඳුන්වාදීමේ වීඩියෝව සඳුදා දියත් කරන ලදී.
එය සුපිරි බොලිවුඩ් තරු පිරිවරාගත් රෝහිත් ෂෙට්ටිගේ පොලිස් නාට්‍ය මාලාවේ පස්වැනි චිත්‍රපටය පිළිබඳ අදහසක් ලබා දෙයි.
අජේ දේව්ගන්, කරීනා කපූර්, අක්ෂේ කුමාර්, රන්වීර් සිං, දීපිකා පදුකෝන්, ටයිගර් ෂ්රොෆ්, අර්ජුන් කපූර් සහ ජැකී ෂෙරොෆ් ඇතුළු හින්දි සිනමාවේ දැවැන්තම තරු කිහිපයක් ‘සිංහම් අ’ගේන්’ චිත්‍රපටයට රංගනයෙන් දායක වී ඇත.
චිත්‍රපටය මුම්බායි, හයිද්‍රාබාද්, කාශ්මීරය සහ ශ්‍රී ලංකාව යන ප්‍රදේශවල රූගත කර ඇත.
කොළඹ නෙළුම් කුළුණ, ෂැංග්‍රිලා හෝටලය, ගාලු මුවදොර පිටිය, රාමායණ වීර කාව්‍යයට සම්බන්ධ නුවරඑළියේ සීතාඑළිය සීතා අම්මාන් තිරුක්කෝවිල් වැනි ශ්‍රී ලංකාවේ ප්රමුඛ ස්ථාන කිහිපයක් වීඩියෝවේ දැක්වේ.
‘සිංහම් අ’ගේන්’ 2024 දීවාලි දින නිකුත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart