
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අතුරුගිරියේ වෙඩිතැබීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය ගායන ශිල්පී කේ.සුජීවා සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.
සැත්කම් කිහිපයකින් පසු ඇය රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලැබුවාය.
ජුලි 8 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු මියගිය අතර ගායිකා සුජීවා ඇතුළු කිහිපදෙනකු රෝහල්ගත කරනු ලැබීය.
රෝහල් ආරංචි මාර්ග පැවසුවේ සුජීවා මුලින් දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබා ඇති අතර පසුව ඇයගේ පාදයේ තුවාල සුව වී ඇති බැවින් වෛද්‍ය උපදෙස් මත මුදාහැර ඇති බවයි.
මේ අතර ක්ලබ් වසන්තගේ බිරිඳ තවමත් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart