May 9, 2026

පාර්ලිමේන්තුවට සහ එය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වන්නේ මහ බැංකුව ආරක්ෂා කිරීම නොව රටේ ජනතාව සහ බැංකු පද්ධතිය ආරක්ෂා කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.

ස්වාධීමන බලතල පවතින මහ බැංකුව NDB බැංකුවේ සිදුව ඇතැයි වාර්තා වන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ චෝදනා කරමින් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පළ කළේය.

එහිදී ඔහු විමසා සිටියේ මෙවැනි සැකකටයුතු ගනුදෙනු සිදු කළ තවත් බැංකු දෙකක් සම්බන්ධයෙන් අනාවරණ වී ඇතැයි වාර්තා වන පසුබිමක එවැනි තත්වයක් හමුවේ රටේ සමස්ථ මූල්‍ය පද්ධතියට සිදුව ඇති බලපෑම් ඇස්තමේන්තු කර තිබේද යන්න සම්බන්ධවයි.

එමෙන්ම තවත් වාණිජ බැංකු දෙකක් මෙවැනි සැකකටයුතු ගනුදෙනු සිදු කර ඇතැයි අනාවරණ වී ඇති පසුබිමක ඒ සම්බන්දයෙන් ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.