
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිකිරීම් දිගුකාලීනව ප්‍රමාද වූ කඩවත සිට මීරිගම දක්වා මධ්‍යම අධිවේගී මාර්ගයේ 1 කොටසේ කොන්ත්‍රාත්කරු වන Metallurgical Corporation of China Ltd. (MCC) හි මූල්‍ය හිමිකම් විශ්ලේෂණය කිරීමට පත්කරන ලද කමිටුවක්, එහි රුපියල් බිලියන ගණනක ගෙවීම් පියවාගැනීමට සහ මාර්ගයේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීම සඳහා එම පාර්ශවය සමඟ සාකච්ඡා කිරීමට නිර්දේශ කර ඇත.
මහාමාර්ග අමාත්‍යාංශය විසින් මැයි මාසයේදී පත්කළ සත්පුද්ගල කමිටුව සිය වාර්තාව අවසන් කර මේ සතියේ භාර දී තිබේ.
චයිනා එක්සිම් බැංකුවේ අරමුදල් සහිත ව්‍යාපෘතිය 2020 සැප්තැම්බර් මාසයේ ඉදිකිරීම් ආරම්භ කර තිබූ නමුත් අතරමගදී එහි කටයුතු ඇණහිට තිබිණි.
මෑතකාලීන ප්‍රමාදයන් සඳහා බොහෝදුරට ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු වූ අතර, එය Exim බැංකුවෙන් ණය ලබාදීම අත්හිටුවීම සහ දිගු ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියකට හේතුවිය.
මෙම වසර මුලදී, ශ්‍රී ලංකාවේ විශාලතම ඉදිකිරීම් සමාගම් පහක් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටියේ, Metallurgical Corporation of China Ltd වෙත ලබා දී ඇති 2015-16 සෘජු කොන්ත්‍රාත්තුව අවලංගු කරන ලෙසයි.
අනතුරුව නව තරඟකාරී, විවෘත ටෙන්ඩර් කැඳවන ලෙස ඔවුන් ඉල්ලා ඇතු නමුත් නව කොන්ත්‍රාත්කරුවකු පත්කිරීමට කමිටුව නිර්දේශ නොකරයි.
පවතින කොන්ත්‍රාත්කරු වන MCC යටතේ ඉතිරි වැඩ අවසන් නොකළහොත්, MCC විසින් සේවායෝජකයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සහ බරපතල හිමිකම් පෑමේ හැකියාවක් පවතින බව කමිටුව පෙන්වා දී ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
තවද ඒ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට ලංසු තැබීම හරහා නව කොන්ත්‍රාත්කරුවකු තෝරාගැනීමට සිදුවනු ඇති අතර එම ක්‍රියාවලිය සඳහා දිගු කාලයක් ගතවනු ඇත.
එහි ප්‍රතිඵලයක් වශයෙන්, ව්‍යාපෘතියේ සමස්ත කාලසීමාව සහ වියදම වැඩි වනු ඇතැයි කමිටුව පවසයි.
ඉතිරි කටයුතු සඳහා ප්‍රමාණ බිල්පත් පිළිබාඳ MCC සමඟ සාකච්ඡා කළ යුතු බවත්, ශ්‍රී ලංකාවට මූල්‍ය පාඩු අවම කරගැනීම සඳහා ගෙවීම් මුදල්, විනිමය අනුපාත සහ දේශීය-ගෘහස්ථ බිල්පත් අනුපාත නැවත සාකච්ඡා කළ යුතු බවත් කමිටුව යෝජනා කර තිබේ.
එමෙන්ම කොන්ත්‍රාත්කරුට ඇමෙරිකානු ඩොලර්වලින් ගෙවීම වෙනුවට පොළී ඇතුළු බිල්පත්වල විදේශීය සහ දේශීය කොටස් දෙකම ශ්‍රී ලංකා රුපියල්වලින් පියවාගැනීමේ හැකියාව සොයාබලන ලෙසද කමිටුව යෝජනා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart