
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඔක්තෝම්බර් මාසයේදී ඉන්ධන මිල තවදුරටත් ඉහළ යෑමට ඉඩ ඇති බව ශ්‍රී ලංකාවේ ස්වාධීන පර්යේෂණ ඒකකයක් වන CAL රිසර්ච් ආයතනය අනාවැකි පළකරයි.
CAL රිසර්ච් විසින් මෙම පුරෝකථනය සිදුකර ඇත්තේ, ගෝලීය ඉන්ධන වෙළඳපොළේ වේගයෙන් ඉහළ යන මිල ගණන් සැලකිල්ලට ගනිමිනි.
CAL පවසන්නේ, මෑත මාසවලදී පෙට්‍රල් සහ ඩීසල් වල ගෝලීය සාමාන්‍ය මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් දක්නට ලැබෙන අතර, මසකට මසකට මිලෙහි 4-5% පමණ ඉහළ යෑමක් පවතින බවයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉන්ධන සිල්ලර අලෙවියේදී ඔක්තෝබර් මාසයේදී ඉන්ධන ලීටරයක් රුපියල් 12ත් -14ත් අතර අගයකින් ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ඇස්තමේන්තුගත කර තිබේ.
මෙම ඉහළ යෑමේ ප්‍රවණතාවට සැළකිවයුතු දායකත්වයක් සපයන්නේ සාමාන්‍ය බ්‍රෙන්ට් තෙල් මිලෙහි 7.7%ක පමණ වැඩිවීමයි.
ශීත ඍතුව ළඟා වන විට නිෂ්පාදන කප්පාදුව සහ සෘතුමය ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් ඉදිරි කාලසීමාව ගෝලීය ඉන්ධන වෙළඳපොළට අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් වනු ඇති බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart